Thursday, October 11, 2012

ජීවිතෙන් දවසක්..

               කැම්පස් ඇවිත් දැන් අවුරුද්දකුත් ගත වීලු. ඒ බවද දැන ගත්තේ එකෙක් කෝල් කර කිවූ පසුය. එනමුදු දැන් සිටින්නේ ගෙදරය. කරන්නට දෙයක් නොමැත. පට්ට කම්මැලිය. කවුරුන් හෝ කරන්නට දෙයක් සොයා දෙන්නේ නම් නොමිලයේ වුව සේවය කිරීමට සිතක් පහල වී ඇත. මාස එක හමාරකට පෙර නම් ජොලිය. පොඩි ජොබක් කලෙමි. එය පට්ට ආතල්‍ ය. රසවත් ය. ඒවා වෙනත් දවසක කීමට බලාපොරොත්තු වෙමි.
               අද දවස පුදුමය. කම්මැලිකම පිටාර ගලයි. මේ කියන්නේ අද වන් දවස් වල මාගේ දින චරියාවය. මෙය කියවීමෙන් පසු මෙලෝ රහක් නැත්තේ නොවේදැයි සිතෙනු ඇත. කමක් නැත. සමහරෙක්ට කිනම්  විපතක්දැයි සිතෙනු ඇත. කුමක් කරන්නද?
                හ්ම්.... උදේ පාන්දරින්ම අහැරුනෙමි. කොට්ටය යට තිබූ කුරු කුරුව ගෙන බැලුවෙමි. වෙලාව 9 පසුවී අති බවක් එහි සඳහන් වෙයි. එය මා අතින් බිම වැටුනේද? මට බය සිතුනි. දැන් එය වටිනා කුරු කුරුවක් නොවේ. නමුත් තවත් වරක් එය වැටීම එහි අවසන් වැටීම බව මට සිතේ. එහි පතුරු ගොස් ඇත. නමුත් මම එයට කැමතිය. එහෙයින් විසි නොකරමි. ජනේලයෙන් එලිය බැලූ පසු එහි සත්‍යතාව මට වැටහුනි. 9 ට හෝ ඇහැරීම ගැන සතුටු සිතුනි. කුරු කුරු ෆෝන් කබල ගෙන හුරු පුරුදු නොම්බරයක් කෙටුවෙමි. නමුත් ප්‍රතිචාරයක් නැත. තවත් වරක් උත්සහ කලද ලැබුනු කෙන්ගෙඩියක් නැත. ඒ අතින් ඇය මට හපන් ය. මේ දින වල ඇය ඇහැරෙන්නේ 10 පසු වීය. නරකම නැත. නැගිට ගොස් පිරිසිදු වී පැමිනුනෙමි. වෙලාව 10 ට ආසන්නය. නැවත වරක් ඇයට වදයක් වීමට සිතුනි. මෙවර ප්‍රතිචාරයක් ලැබුනි.
    'මොකද ඕයි'
අනේ මන්දා ය. නමුත් මට සතුටු සිතිනි. ඇය ඇහැරී ඇත. දැන් මගේ වාරයයි.
   'තෝ දැන්ද නැගිට්ටෙ'
මම කෙටුවෙමි. කෙසේ වුවත් මෙසේ කතා කරන්නේ වෛරයකින් නොවේ. එය ජොලිය. ආදර බර බවක්ද ඇතැයි සිතේ.
   'තාම දොයි'
ඇයගේ පිලිතුරයි. අනේ පව් ය.
   'දැන් ඇති.  නැගිටපිය'
මෙසේ කියමින් මම tv එක දෙසට යන්නේ එහි අදවත් අරුම පුදුම දෙයක් විකාශනය වන්නේ දැයි බැලීමටය. නැත. එය වෙනදා ටෙලිවිශනයමය. මෙලෝ රහක් නැත. රාත්‍රියට පමනක් එය රසවත් යැයි සිතේ. කුමක් කරන්නද. මීට වග කිව යුත්තේ දුරස්ත පාලකය යැයි සිතෙන තරමට එහි බටන් ගෙවෙන තුරු චැනල් මාරු කලෙමි. එයද ඇති වූ කල නැගිට්ටෙමි.
                    බඩගිනි දැනෙන්නේ දැන් ය. එය සතුටට කරුනකි. නමුත් වෙලාව 11ට ලඟය. වෙන තැන් වලදී 8 වන විට යකෙක් වුව කෑමට සිතෙන මට මේ දින වල බඩගිනි වෙන්නේම නැත. අනේ මන්දාය. කිසිවකුත් ගෙදර නැත. අම්මා උදේ යන්නට පෙර ගෙය ටිකක් අස් පස් කරන්නට පැවසූ බව සිහිනෙන් මෙන් මතකය. නමුත් ඊට කම්මැලි ය. ලැප තියෙන නිසා දෙයියනේ කියා කරන්නට දෙයක් ඇත. film ක් බලන්නට ගත්තෙමි. එහි තිබෙන සියලුම ඒවා මම බලා ඇති නමුත් මෙය නොබලා ඇති බව බලෙන්ම සිතා ගන්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය. එය තරමක් බැලූ විට ඊලඟට සිදුවන දෙය දන්නා නමුත් මා බලා සිටින්නේ වරදීමකින් හෝ වෙනත් යමක් සිදු වූවොත් යැයි සැකයෙනි.
       ටිකකින් ෆෝන් කබල කෑ ගසයි. ඒ ඇයයි.
       'කමු'
ඇය මේ කියන්නේ උදේ කෑම ගැන බව මා දනියි. නමුත් වෙලාව 1 පසු වී ඇත. කියන්නට දෙයක් නැත. 2ක් දෙන්නට සිතේ. ඒ බව ඇයට පැවසුවෙමි. දැන් ඇය ඔරොප්පු වී ඇත. ඒත් සුලු මොහොතකට පමනි. ඉන් පසු ෆෝන් 1ට නරක කාල සීමාවකි. call,msg එමටය. සියල්ල ඉවර කොට නාන්නට ගියෙමි.දිය වන තුරු නෑවෙමි. නැවත ආයෙත් කෑවෙමි. නමුත් පිරියක් නැත. ගෙය තුල සිටීම අප්‍රිය වන වෙලාවයි. කොහේ හෝ යන්නට සිතේ. ඇඳුමක් මාරු කරගෙන පාරට බැස්සෙමි. ඉස්සර නම් පාරට බැස්ස විට අඳුනන උන් හැම තැනමය. දැන් උන් එක එක තැන් වලය. ඉන්න අයටත් විවිධාකාර වැඩය. එනමුත් දැනටත් ටික දෙනෙක් සිටී. ඔවුන්ගෙන් කෙනෙක් හමුවී වල් පල් කියවා නයෙක් ඇද නැවතත් ගෙදර එන්නේ සැහල්ලු සිතිනි. අහවල් කෙනාට call ගැනීමද දැන් සීමා කර තිබේ. ගිය මාසයේ මහ පත ෆෝන් බිලක් ඒමෙන් පියානන්ට යක්ශයා ආරුඨ වී තිබුනි. ඔහුව shape කර ගත්තේ බොහෝ අමාරුවෙනි. එවන් බිලක් එන්නට ඇත්තේ ඇයට පමනක් නොව අනෙක් අයගේත් සැප දුක් ඇසීමට එය භාවිතා කල බැවින් වන්නට ඇත. ගෙදර පැමිණි මා ගෙදර වෙනුවෙන් කල පලමු වැඩය කලෙමි. 'පහන තැබීම'.  ගෙදර සිටිනා විට එය කරන්නේ මා ය. රාත්‍රියේ 7 සිට 9.30 වන තුරු සියලුම මෙලෝ රහක් නැති ටෙල් නාට්‍ය සියල්ලම මා කට ඇරගෙන බලන්නේ මහත් ආසාවෙනි.
              නින්දට පෙර ඇයත් සමඟ වැඩියෙන් කාලය ගත කරන්නට සිතේ. Beam_with_flower අනේ මන්දා මෙහෙමත් ජීවිතය. කෙසේ වුවත් ඇයත් මාත් අතර කලකට පෙර තරම් බැඳීමක් දැන් නොමැත. එයට හේතු මහ ගොඩක් ඇත. නමුත් මා ඇයට ආදරේය. පමනට වඩා ආදරේ ය. නමුත් ඇය හා මා නොගැලපෙන බව අප දෙදෙනාටම සිතේ. නමුත් වෙන කිසිවෙකුත් එසේ කියන්නේ නැත. අප මෙසේ සිතන බව ඔවුන් දැන ගතහොත් ඔවුන් කම්පා වනු ඇත. අප දෙදෙනාට අනුව අප දෙදෙනා එක්ව කැමති දේවල් ඉතා සීමිතය. සමහර මා කැමති දේවල් ඇයට අරහන් ය. කෙසේ උවද මා නැතුව ඇයට පාලුය. මටද එසේමය.
           
 කෙසේ වුවත් මෙය කරදරකාරී අපල කාලයකි.මෙම සමය ඉක්මනින් අහවර වේ යැයි සිතමි. රවුමක් ගැසීමට නැවතත් අවස්ථාවක් ලැබී ඇති බව කුරු කුරුවට ලැබුනු කෙටි පණිවිඩයෙන් පැහදිලිය. නැවතත් trip ක් සෙට් වී ඇත. මට සතුටු ය. දැන් හොඳින් නින්ද යනු ඇත. මම දොයි !                                                                                                                                          
Chrysanth WebStory WebStory: Blog backup made easy!

No comments:

Post a Comment

www.helpworld.cc.cc