Thursday, October 11, 2012

ජීවිතෙන් දවසක්..

               කැම්පස් ඇවිත් දැන් අවුරුද්දකුත් ගත වීලු. ඒ බවද දැන ගත්තේ එකෙක් කෝල් කර කිවූ පසුය. එනමුදු දැන් සිටින්නේ ගෙදරය. කරන්නට දෙයක් නොමැත. පට්ට කම්මැලිය. කවුරුන් හෝ කරන්නට දෙයක් සොයා දෙන්නේ නම් නොමිලයේ වුව සේවය කිරීමට සිතක් පහල වී ඇත. මාස එක හමාරකට පෙර නම් ජොලිය. පොඩි ජොබක් කලෙමි. එය පට්ට ආතල්‍ ය. රසවත් ය. ඒවා වෙනත් දවසක කීමට බලාපොරොත්තු වෙමි.
               අද දවස පුදුමය. කම්මැලිකම පිටාර ගලයි. මේ කියන්නේ අද වන් දවස් වල මාගේ දින චරියාවය. මෙය කියවීමෙන් පසු මෙලෝ රහක් නැත්තේ නොවේදැයි සිතෙනු ඇත. කමක් නැත. සමහරෙක්ට කිනම්  විපතක්දැයි සිතෙනු ඇත. කුමක් කරන්නද?
                හ්ම්.... උදේ පාන්දරින්ම අහැරුනෙමි. කොට්ටය යට තිබූ කුරු කුරුව ගෙන බැලුවෙමි. වෙලාව 9 පසුවී අති බවක් එහි සඳහන් වෙයි. එය මා අතින් බිම වැටුනේද? මට බය සිතුනි. දැන් එය වටිනා කුරු කුරුවක් නොවේ. නමුත් තවත් වරක් එය වැටීම එහි අවසන් වැටීම බව මට සිතේ. එහි පතුරු ගොස් ඇත. නමුත් මම එයට කැමතිය. එහෙයින් විසි නොකරමි. ජනේලයෙන් එලිය බැලූ පසු එහි සත්‍යතාව මට වැටහුනි. 9 ට හෝ ඇහැරීම ගැන සතුටු සිතුනි. කුරු කුරු ෆෝන් කබල ගෙන හුරු පුරුදු නොම්බරයක් කෙටුවෙමි. නමුත් ප්‍රතිචාරයක් නැත. තවත් වරක් උත්සහ කලද ලැබුනු කෙන්ගෙඩියක් නැත. ඒ අතින් ඇය මට හපන් ය. මේ දින වල ඇය ඇහැරෙන්නේ 10 පසු වීය. නරකම නැත. නැගිට ගොස් පිරිසිදු වී පැමිනුනෙමි. වෙලාව 10 ට ආසන්නය. නැවත වරක් ඇයට වදයක් වීමට සිතුනි. මෙවර ප්‍රතිචාරයක් ලැබුනි.

Wednesday, September 26, 2012

අහන් ඉන්න.. අහගෙන ඉන්න.. ගීතයට ආසයිද?



    ම්.... ඉතින් කොහොමද?  මම මේ කියන්න යන්නෙ වර්තමානයේ ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් සංවේදි ගීතයක් ගැන.  'අහන්..ඉන්න..අහගෙන.. ඉන්න....' ඔබත් ඒ ගීතයට ආස ඇති.  එහෙනම් මේ ලිපිය වැදගත් වෙයි. මම අද සින්දුව ගැන යමක්. ඒ සමඟම  lyrics සහ chords ත් දෙන්නම්, මොකද ඒකත් කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන් නිසා  ..

      මේ සින්දුව ගායනා කරන්නේ මේඛලා ගමගේ.. මෙය Rock ශෛලියෙන් ගායනා කරන්නේ ඉන්ද්‍රචාප ලියනගේ.. ඒ වගේම පද රචනය එස් හේරත් මැනිකේගෙ. සංගීතය රුවන් වල්පොලගෙ.. 

මේ තියෙන්නෙ  Chords..

Add caption
[Intro]
---------------------------------------------------
Am | C | D7 | Am

[Chorus]
---------------------------------------------------
Am      C      F      G         C
Ahan, inna, ahagena inna mage hitha
    Dm   G         Am
Monavada   mumunanava //

[Verse 1]
---------------------------------------------------
C                                               E
Yaya pura neka neka paathi mulu ma bendi aherenava
                              G            Am
Poda wessaka seethala awidin, hithata ebenava
C                                      E
Kondu kaara mal renu agin suwada welanava
                      G          Am
E suwadin mage hoosma wata mawanawa

www.helpworld.cc.cc